spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට වාර්ෂිකව සිදුවන අලි මරණවලින් 80%ක් ම ඝාතන

දුම්රියේ ගැටී සිදුවන අලි මරණ තවත් සිදුවන තුරු බලා නොසිට ඒවා වළක්වා ගැනීමේ පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මුල් වී වනජීවි උමං මාර්ගයක් ඉදි කිරීමට පියවර ගැනීම අගය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

මෙරට වාර්ෂිකව සිදුවන අලි මරණවලින් 80%ක් පමණම ඝාතන ලෙස සැලකිය හැකි බවත් වෙඩි තැබීම, හක්ක පටස්වලට ගොදුරුවීම, විදුලි සැර වැදීම ආදි හේතු ගණනාවක් ඔස්සේ මෙම ඝාතන සිදුවන බවත් මහාචාර්යවරයා සඳහන් කළා.

ලෝක වනජීවී සංරක්ෂණ දිනයට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශයත් හුස්ම සංවිධානයත් එක්ව තිරසර පරිසරයක තුලිත බව රැකදෙන වන ජීවීන් සුරකිමු යන තේමා කරගනිමින් මහනුවර දී අද (04) පැවති වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළා.

රටේ ජනගහණය දිනෙන් දින ඉහළ ගියත් භූමි ප්‍රමාණය විශාල නොවන නිසා අලි මිනිස් ගැටුම අනාගතයේ දී තවත් උග්‍ර වනු ඇති බවත් මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් නොදුනහොත් අලි වෙඩි තබා ඝාතනය කිරීමට පවා ඉදිරියේ දී සිදුවනු ඇති බවත් ඔහු පැවසුවා.

මේ වනවිට අලි මිනිස් ගැටුමෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 80ක් පමණ සහ අලි ඇතුන් 400ක් පමණ රටට අහිමිවන බවයි ඔහු සඳහන් කළේ.

අලි ඇතුන් ජීවත්වන රටවල් 13ක් ලෝකයේ තිබෙන බවත්, ඒ රටවල් සියල්ලටම වඩා අලියා සම්බන්ධයෙන් සංස්කෘතිමය වටිනාකමක් අපට තිබෙන බවත් කී මහාචාර්යවරයා අවශ්‍යතාව සපුරා ගැනීමට අලි ඇතුන් යොදාගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය යුතු බව අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?