AFC Banner
Empty Ad
Empty Ad

මෙරට පොහොසතුන් වෙත විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් මෙරට වෙසෙන දානපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.

කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට දායකවන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

එමෙන්ම රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් හා ICU ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය උපකරණ සඳහා සුළු හෝ සහයෝගයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානීන් මගින් මේවන විට හිඟ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි ඇය පවසන්නේ.

මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහයෝගයක් ලබා දෙන්නේනම් එය ඉතා වටිනා උපකාරයක් බව ද අමාත්‍යවරිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?