මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

ඒ් අනුව කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරට පළමු කොවිඩ් රැල්ලට හා දෙවැනි රැල්ලට සාපේක්ෂව සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට මත පළවී ඇත.

මීට පෙර මෙරටින් හඳුනාගැණුනු ප්‍රභේදය මෙන් නොව නව වෛරස් ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙයි.

නව වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය එකහමාරක් පමණ එහි පවතී.

අදාළ කාලය තුළ එම පරිසරයට මුඛ ආවරණයක් නොපැළඳ පැමිණෙන පුද්ගලයෙකුට එම කාලය තුළ වෛරසය ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ, 

“ලෝක සෞඛ්‍ය සංවිධාන සහ වෙනත් පර්යේෂණ ආයතනවලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙනුන් බෝ වෙනවා කියලා. මේ වාතයේ වෛරසය පැය එකහාමාරක් විතර තියෙන්න පුළුවන්. ඒ නිසා මාක්ස් දැමීම ඉතාම වැදගත්.” යනුවෙනි. 

එමෙන්ම, මීට පෙර පැවති කොවිඩ් වෛරස් ප්‍රභේද එක් අයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ආසාදනය වුවද, නව ප්‍රභේද එක් අයෙකුගෙන් අවම වශයෙන් තවත් පස් දෙනෙකුට පමණ ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට හඳුනාගෙන තිබේ.

මීට පෙර පැවති කොවිඩ්  ප්‍රභේද ආසාදනය වූ විට උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඊට දින කිහිපයකට පසු පෙනහළුවලට ආසාදනය වීම සිදු විය.

නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ, නව  ප්‍රභේද ආසාදනය වී ඇති බොහෝ පිරිසකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවීමෙන් පසුව බවය.

එමෙන්ම තරුණ පිරිසට ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ පැතිර ගිය ප්‍රභේදයට සමානකමක් දක්වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසයි.

https://youtu.be/BHDIfhYAYTY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23