Empty Ad
AFC Banner
AFC Banner

මෙරට නිෂ්පාදිත වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් මෙහෙයුම් කටයුතු අරඹයි

වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ දී නිෂ්පාදනය කරන ලද වායුසමීකරණ පහසුකම් සහිත ‘වේව් රයිඩර් වර්ගයේ’ වෙරළාරක්ෂක මුර යාත්‍රා දෙකක් (Accommodation type Wave Rider IPCs – P 265 and P 266) මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඊයේ (02) සිදු කෙරුණා.

ඒ වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ ජැටියේ දීයි.

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් නිෂ්පාදිත වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ වැඩි කාලයක් මුහුදේ රාජකාරී කිරීමට හැකි වන පරිදි නිෂ්පාදිත මෙම වායුසමීකරණ පහසුකම් සහිත වේව් රයිඩර් වර්ගයේ වෙරළාරක්ෂක මුර යාත්‍රා මගින්, වයඹ මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදුවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, භාණ්ඩ ජාවාරම සහ නිතී විරෝධී ධීවර කටයුතු ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අවස්ථාව උදා වන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?