මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා.

 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නලීන් පෙරේරා පැවසුවේ 2024 පෙබරවාරි මාසයේ මේ දක්වා (14 දක්වා) ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව සපුරා ඇති බවයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ චලක ගජබාහු පවසන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 98,455ක් බවයි.

මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708ක් ලෙස වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?