දිස්ත්‍රික් ධීවර කාර්යාල සඳහා නිලධාරීන් පත් කිරීමේ නව පත්වීම් ලිපි ප්රදානය කිරීමක් අද (19) කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
ඒ අනුව දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙක්ට මෙලෙස පත්වීම් ලිපි ප්රදානය කෙරුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම උත්සවය, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ, මෙම වසර අවසන් වීමට පෙර සියලුම ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි (Electric Motorcycle) ලබා දීමට බලාපොරොත්තු වන බවයි.













