මෙම වසරේ ගත වූ මාස 09ට සුරාබදු වැටලීම් 28,441ක්

මෙම වසරේ ගෙවී ගිය මාස 09ක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා වැටලීම් 28,441ක් සිදුකර ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසනවා.

මෙම වැටලීම්වල දී පුද්ගලයින් 28,441 දෙනෙකු ද අත්අඩංගුවට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවන් 3,756ක් ද වනවා.

සුරාබදු ආඥා පනතට අනුව වැටලීම් 23,493ක් සිදුකර ඇති අතර, එහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන 861ක්, නීති විරෝධී මත්පැන් අලෙවි කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීම් 503ක් ද සිදුකර තිබෙනවා.

සුරාබදු නිලධාරීන් විසින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් 15,292ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

රජයේ අරක්කු අලෙවි කිරීම, ළඟ තබාගැනීමේ වැටලීම් 1297ක් සහ විදේශීය මත්පැන් ළඟ තබා ගැනීමේ සහ විකිණීමේ වරදට පුද්ගලයින් 2145 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වස විස අබිං ආඥා පනතට අනුව වැටලීම් 4,101ක් ද පසුගිය මාස 09ක කාලය තුළ සුරාබදු නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, එහි දී හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ සහ විකිණීමේ වරදට පුද්ගලයින් 1,682ක් ද,කොකේන් ළඟ තබාගැනීමේ සහ විකිණීමේ වරදට පුද්ගලයින් 42ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගංජා වගා කළ තිබූ ස්ථාන 39ක් ද වටලා ඇති සුරාබදු නිලධාරීන් වෙනත් මත්ද්‍රව්‍ය ග්‍රහණයන් 863ක් ද සිදුකර තිබෙනවා.

මීට අමතරව දුම්කොල ආඥා පනතට අනුව වැටලීම් 847ක් සුරාබදු නිලධාරීන් විසින් දිවයින පුරා සිදුකර ඇති බව සඳහන්.

මෙම වැටලීම්වල දී සැකකරුවන් සතුව තිබූ රුපියල් මිලියන 260කට වැඩි වටිනාමක් ඇති දෑ තම බාරයට ගැනීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් මිලියන 122ක දඩයක් ද නියම කර ඇති බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

මේ අතර මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලබා දී ඇති ස්ථාන ආශ්‍රිතව වැටලීම් 3,415 ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, එම බලපත්‍ර ලාභීන්ට රුපියල් මිලියන 98ක සමථ ගාස්තුවක් ද සුරබදු නිලධාරීන් විසින් පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03