මුහුදේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

යාපනය, වඩමාරච්චි නැගෙනහිර මමුනෙයි මුහුදේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් ඊයේ (30) සවස දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙසේ අතුරුදන්ව ඇත්තේ නගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙකු බවයි.

දියනාමින් සිටි දරුවන් දෙදෙනෙක් මෙලෙස දියේ ගිලී ඇති අතර, ඉන් එක් දරුවෙකු අවට සිටි පිරිස් විසින් බේරාගෙන පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන් වූ අනෙක් දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලිසිය එක්ව ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?