මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2 – 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාවත්, එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.













