දකුණු චීන මුහුද යළි උණුසුම් – චීන සහ පිලිපීන නෞකා අතර ගැටුම් ඉහළට

වසර දෙකකට ආසන්න සාපේක්ෂ සන්සුන් කාලයකින් පසු දකුණු චීන මුහුදේ චීනය සහ පිලිපීනය අතර ගැටුම් යළි උත්සන්න වෙමින් පවතින බව Asia Society Policy Institute හි විශේෂඥ Andrew Chubb පෙන්වා දෙනවා.

ජූලි මාසයේ සිට දෙරට අතර මුහුදු ගැටුම් වඩාත් නිරන්තර සහ බරපතළ ස්වරූපයක් ගෙන තිබෙනවා. ජූලි 20 වැනිදා Second Thomas Shoal ආසන්නයේ ඇතිවූ ගැටුමකදී පිලිපීන නාවික සාමාජිකයෙකු බරපතළ තුවාල ලැබූ අතර, සැප්තැම්බර් 18 වැනිදා Sabina Shoal ආසන්නයේදී චීන සහ පිලිපීන යාත්‍රා එකිනෙක ගැටී තිබුණා.

Second Thomas Shoal හි පිලිපීනය විසින් රඳවා ඇති පැරණි BRP Sierra Madre නෞකාව දෙරට අතර ප්‍රධාන මතභේදාත්මක ස්ථානයක්. 2024දී ඇතිකරගත් අවිධිමත් එකඟතාවක් හේතුවෙන් එම ස්ථානයට සැපයුම් මෙහෙයුම් සිදුකිරීමට පිලිපීනයට හැකිවුවද, දිරාපත්වෙමින් පවතින නෞකාව ශක්තිමත් කිරීමට පිලිපීනය ගන්නා උත්සාහවලට චීනය විරුද්ධ වනවා.

මේ අතර Scarborough Shoal ප්‍රදේශයේ ද චීනය සිය වෙරළාරක්ෂක මුර සංචාර සහ ප්‍රවේශ පාලනය පුළුල් කරමින් සිටින බව විශ්ලේෂණයේ සඳහන්. චීනය එම ප්‍රදේශවල සිය පැවැත්ම ක්‍රමානුකූල “Management and Control” තත්ත්වයකට පත්කිරීමට උත්සාහ කරන බව Chubbගේ අදහසයි.

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් 2016දී ලබාදුන් ජාත්‍යන්තර බේරුම්කරණ තීන්දුව චීනයේ පුළුල් මුහුදු අයිතිවාසිකම් ප්‍රකාශවලට නීතිමය පදනමක් නොමැති බව තීරණය කළද, බීජිං පාලනය එම තීන්දුව පිළිගන්නේ නැහැ.

අමෙරිකාව පිලිපීනයේ ආරක්ෂාව සඳහා සිය කැපවීම යළි අවධාරණය කර ඇති අතර, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ද කලාපයේ නාවික ක්‍රියාකාරකම්වලට එක්වෙමින් සිටිනවා.

මෙම පසුබිම තුළ චීනය මතභේදයට ලක්ව ඇති මුහුදු ප්‍රදේශවල සිය පාලන හැකියාව තවදුරටත් පුළුල් කළහොත් චීනය සහ පිලිපීනය අතර තවත් ගැටුම් ඇතිවීමේ අවදානම පවතින බව Chubb සිය විශ්ලේෂණයෙන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50