මුහුදුබඩ ප්‍රදේශවල පැවතිය හැකි රළු කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ අද (04) විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව දැනුම් දෙනවා.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (05) දින පෙරවරු 10.30 වන තෙක් බල පැවැත්වෙනු ඇති බව සඳහන්.













