දිස්ත්රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.
අද (25) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්රියාත්මක වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
ඒ අනුව,
- ගාල්ල දිස්ත්රික්කයේ තවලම, නාගොඩ, නෙළුව, නියාගම,
- මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහල කෝරලේ, දොළුව,
- නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර,
යන ප්රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 03 මට්ටමේ ඉවත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම,
ගාල්ල දිස්ත්රික්කයේ කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම
කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට
මහනුවර දිස්ත්රික්කයේ දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය දිස්ත්රික්කයේ තලවකැලේ
රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර , පැල්මඩුල්ල
යන ප්රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 02 මට්ටමේ අවදානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, පාදුක්ක
ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, මීරිගම
හම්බන්තොට දිස්ත්රික්කයේ කටුවන, වලස්මුල්ල
කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව
කුරුණෑගල දිස්ත්රික්කයේ අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල
මාතර දිස්ත්රික්කයේ කොටපොල, පස්ගොඩ, පිටබැද්දර
රත්නපුර දිස්ත්රික්කයේ කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට
නුවරඑළිය දිස්ත්රික්කයේ නුවරඑළිය
යන ප්රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 03 මට්ටමේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.













