යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසක් මෙරට පාර්ලිමේන්තුවට

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පසුගියදා (24) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම එහි ව්‍යවස්ථාමය කටයුතු පිළිබඳ කාරක සභාවේ (AFCO) සභාපති මහාචාර්ය Sven Simon මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිසට, යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී Ralf Seekatz, යුරෝපා ජනතා පක්ෂ (EPP) කණ්ඩායමේ විදේශ කටයුතු, ආරක්ෂාව හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක Benjamin Oppermann යන මහත්වරු ඇතුළත් වුණා.

තවද, KAS Singapore හි ආසියානු කලාපීය දේශපාලන සංවාද වැඩසටහනේ ප්‍රතිපත්ති උපදේශක Jonas Nitschke, KAS Brussels හි බහුජාතික සංවර්ධන ප්‍රතිපත්ති සංවාද වැඩසටහනේ වැඩසටහන් කළමනාකරු Sven Nicolay, IDAG හි නීතිඥ, රෙජිස්ට්‍රාර් සහ අධ්‍යක්ෂ සී.ඒ. හෙට්ටිආරච්චි සහ IDAG හි වැඩසටහන් උපදේශක එස්. විමලගුණරත්න යන ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

නියෝජිත පිරිස පිළිගත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ යුරෝපා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ
වැදගත්කම අවධාරණය කළා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡා පිළිබඳව සිහිපත් කළ කථානායකවරයා, යුරෝපා සංගමයේ GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන සබඳතා පිළිබඳව සිය ස්තූතිය පළ
කළා.

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට එම සහයෝගීතාව වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළා.

නීතිය හා සාමය පවත්වාගෙන යාම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, ජාතීන් අතර සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ කාන්තා අයිතිවාසිකම්
තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව ද කථානායකවරයා නියෝජිත පිරිස දැනුවත් කළා.

එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළුව සමාජයේ සියලු පාර්ශ්වයන්ට සමානව අවශ්‍යතා සැපිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද කථානායකවරයා පෙන්වා දුන්නා.

තවද, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සිය ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ පසුබිම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ
වත්මන් ප්‍රගතීන් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වුණා.

එසේම, නියෝජිත පිරිස නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය සහ රටේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා සංගමය විසින් අඛණ්ඩව ලබා දෙන සහයෝගය සහ සබඳතාව පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා සිය ස්තූතිය පළ කළා.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා මෙවැනි සහයෝගීතාවන්හි වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව, යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණා.

විපක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමග ද , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම හෙට්ටිආරච්චි සහ චම්පික හෙට්ටිආරච්චි සමග ද නියෝජිත පිරිස සාකච්ඡාවල නිරත වුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා සමාජ ආර්ථික තත්ත්වය, රට මුහුණ දෙන අභියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනයට අදාළ පසුබිම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධ කරුණු
පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වුණා.

නියෝජිත පිරිස සිය සංචාරය අතරතුර කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාදය නිරීක්ෂණය කළ අතර, කථානායකවරයා විසින් සභාවේදී විශේෂ නිවේදනයක් සිදු කරමින් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සභ ගර්භය වෙත
පිළිගනු ලැබුවා.

එමෙන්ම, නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයකට ද එක් වූ අතර, එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ කාර්යභාරය පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17