ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරු වශයෙන් පත්වීම් ලබා සිටින විනිසුරුවරු තුන් දෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවුණා.
අගවිනිසුරු නිල මැදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කරනු ලැබුවා.
ඒ අනුව නව මහාධිකරන විනිසුරු වශයෙන් පත්වීම් ලබා සිටින පී. සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ලලිත් කන්නන්ගර යන විනිසුරුවරු මෙසේ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළා.
මෙම දිවුරුම් දීමේ අවස්ථාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතාද සහභාගී වුණා.













