රු.2500කට 25000ක් ගත්ත ත්‍රීරෝද රථ රියදුරු ගැන විදේශිකයින් දෙදෙනෙකුගෙන් පැමිණිල්ලක්

සීගිරියේ සිට දඹුලු විහාරය සංචාරය සඳහා ත්‍රීරෝද රථයකින් පැමිණි ප්‍රංශ ජාතිකයන් දෙදෙනකුගෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරු, රුපියල් 2500ක ප්‍රවාහන කුලියක් සඳහා රුපියල් 25000ක් ලබාගත් බව පවසමින් අදාළ විදෙස් සංචාරකයින් දෙදෙනා විසින් දඹුල්ල සංචාරක පොලිස් කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ දඹුල්ල සංචාරක පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් අදාළ රියදුරුව සොයා නැවත එම මුදල් ප්‍රංශ ජාතිකයන් දෙදෙනා වෙත ලබාදීමට කටයුතු කර තිබුණා.

මෙම ත්‍රීරෝද රථ රියදුරු පුද්ගලික කුලී රථ ආයතනයකට අදාළව සේවය කළ රියදුරෙක්.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසිකදී ඔහු සඳහන් කර ඇත්තේ, තමාගේ අතට ලබාදුන් මුදල රැගෙන තමන් පිටව ගිය බවයි.