මුදල් අමාත්‍යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවීමට සැරසෙයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා කොමිසම ඉල්ලු මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවන බවයි.

ඒ, අනුව දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කරන්නේ.

මේ අතර රජයේ මුද්‍රණලයාධිපතිනිය සමඟ ද මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසම විසින් ඇයට පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාපිත කරුණක් බැවින් ඡන්ද පත්‍රිකා කඩිනමින් තමන් වෙත භාරදීමේ ඇති වගකීම පහදා දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12