මුදලට, යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම සමාජ ආර්ථික පරිහානියට හේතුවයි – අධිකරණ ඇමති

මූලික මානුෂීය සංකල්පවලින් ඉවත් වී මුදලට, යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථ සාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ 2021 /2022 සහ 2023 අධ්‍යයන වර්ෂවල රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා,

”සමුපකාර සංකල්පය වසර දහස් ගණනක අතීතයක් ඇති මානව ගුණයක් සහිත සංකල්පයක් බව සඳහන් කළ යුතුයි. තමන් පමණක් නොව අනෙකාට උපකාර කළ යුතුය යන අදහස මෙම සංකල්පයේ ඇති වටිනාකමයි. අද මෙම ශිෂ්‍යත්වයෙන් ලබාදෙන මුදල ගැන පමණක් නොව සමාජයට යමක් දිය යුතුය යන පණිවිඩය මේ තුළින් ලබාදීම අතිශයින් වැදගත් වෙනවා. අන් අයට උපකාර කිරීමේ ගුණය අතීතයේ මේ රට තුළ තිබුණා. අධ්‍යාපනයේ සංකල්ප දෙකක් තිබෙනවා. ඒ සංකල්පවලින් ඉවත්වීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවයි. මුදලට යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් 70 දශකයෙන් පසුව රට තුළ පසුගිය කාලය තුළ බිහිවුණා. මම ජීවත්වෙන සමාජයට යමක් දිය යුතුය යන සංකල්පය අපි සමාජයට ලබා දිය යුතුයි. මේ රට දේශපාලඥයින්ට ඇමතිවරුන්ට අයිති නැහැ. මේ රට අයිති මේ රටේ ජනතාවටයි. බන්ධනාගාර සේවය කොතරම් හොඳ කළත් හොඳක් අහන්න බැරි වෙනස්ම රැකියාවක් බව අපි දන්නවා. අපි වටිනාකම ලබා දිය යුත්තේ මුදලට වාහනවලට නොව පුද්ගලයාගේ ශ්‍රමයටයි. පසුගිය කාලය තුළ තමන්ගේ දෙමාපියන් බන්ධනාගාරයේ රැකියාව කරනවා කිව්වහම ඇතැම්විට ඔවුන්ගේ දරුවන් වන ඔබට අවලාද අසන්නට සිදු වූ බව අපි දන්නවා. එක් අයෙකුගේ දෙනෙකුගේ වැරදි ක්‍රියා හේතුවෙන් කැපවීමෙන් වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් අපහසුතාවය පත් විය යුතු නැහැ. හැම රැකියාවකටම ගරු කළ යුතු රටක් අපි නිර්මාණය කළ යුතුයි. කිසි දෙයකට බිය නොවී රාජකාරිය කරන්න නිවැරදි දේ සිදු කරන ඔබව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56