මුණුපුරා ඝාතනය කර සැඟව සිටි 70 හැවිරිදි සීයා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 18ක තරුණයෙකු ඝාතනය කර පලාගොස් සැඟව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පසුගිය 17 වනදා කොටවෙහෙර පොලිස් වසමේ දිගැන්නෑව ප්‍රදේශයේ දී ඇඳ පොල්ලකින් පහර දී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරු ප්‍රදේශයේ පලාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඝාතනයට ලක්වූ තරුණයාගේ සීයා බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අද (22) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සීයා විසින් මිත්තණියට ලිංගික හිරිහැර කිරීම් සිදුකිරීමට යන අවස්ථාවන් වලදී මිත්තණිය විසින් ඒ බව 18 හැවිරිදි මුණුපුරාට දැනුම් දී ඇති බවයි.

එහිදී මුණුපුරා විසින් එලෙස නොකරන ලෙස දන්වමින් ඊට විරුද්ධ වීම හේතුවෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මව මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. මේ මගේ හොදම යාලුවා.. එයා හරි අහිංසකයි.. මේ සීයට දඩුවම් දිය යුතුයි. අනිවාරයෙන්ම. එයා ක්‍රීඩා වලටත් ගොඩක් දක්ශයි.. ඒ අහින්සකයා මරන්න මේ තරම් තරහක් ආවේ කොහොමද. ඒකත් පොල්ලකින් ගහලා මරලා තියෙන්නෙ.. කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇතිද.. පව් ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27