මුණුපුරා ඝාතනය කර සැඟව සිටි 70 හැවිරිදි සීයා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 18ක තරුණයෙකු ඝාතනය කර පලාගොස් සැඟව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පසුගිය 17 වනදා කොටවෙහෙර පොලිස් වසමේ දිගැන්නෑව ප්‍රදේශයේ දී ඇඳ පොල්ලකින් පහර දී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරු ප්‍රදේශයේ පලාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඝාතනයට ලක්වූ තරුණයාගේ සීයා බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අද (22) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සීයා විසින් මිත්තණියට ලිංගික හිරිහැර කිරීම් සිදුකිරීමට යන අවස්ථාවන් වලදී මිත්තණිය විසින් ඒ බව 18 හැවිරිදි මුණුපුරාට දැනුම් දී ඇති බවයි.

එහිදී මුණුපුරා විසින් එලෙස නොකරන ලෙස දන්වමින් ඊට විරුද්ධ වීම හේතුවෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මව මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31