මුණුපුරා ඝාතනය කර සැඟව සිටි 70 හැවිරිදි සීයා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 18ක තරුණයෙකු ඝාතනය කර පලාගොස් සැඟව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

පසුගිය 17 වනදා කොටවෙහෙර පොලිස් වසමේ දිගැන්නෑව ප්‍රදේශයේ දී ඇඳ පොල්ලකින් පහර දී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරු ප්‍රදේශයේ පලාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඝාතනයට ලක්වූ තරුණයාගේ සීයා බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අද (22) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සීයා විසින් මිත්තණියට ලිංගික හිරිහැර කිරීම් සිදුකිරීමට යන අවස්ථාවන් වලදී මිත්තණිය විසින් ඒ බව 18 හැවිරිදි මුණුපුරාට දැනුම් දී ඇති බවයි.

එහිදී මුණුපුරා විසින් එලෙස නොකරන ලෙස දන්වමින් ඊට විරුද්ධ වීම හේතුවෙන් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මව මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. මේ මගේ හොදම යාලුවා.. එයා හරි අහිංසකයි.. මේ සීයට දඩුවම් දිය යුතුයි. අනිවාරයෙන්ම. එයා ක්‍රීඩා වලටත් ගොඩක් දක්ශයි.. ඒ අහින්සකයා මරන්න මේ තරම් තරහක් ආවේ කොහොමද. ඒකත් පොල්ලකින් ගහලා මරලා තියෙන්නෙ.. කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇතිද.. පව් ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33