හාලිඇල, උඩුවර ප්‍රදේශයේ දි අද (19) දහවල් බදුළු ඔයේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව ඇති බව හාලිඇල පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බවයි තොරතුරු වාර්තා වුණේ.
හාලිඇල, කුඹර ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදි තවත් තිදෙනකු සමග මෙම තරුණයා දියනෑම සඳහා බදුළු ඔයට ගිය අවස්ථාවේ දී, මෙලෙස දියේ ගිලිමෙන් අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අතුරුදන් මෙම තරුණයා සොයා උඩුවර පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරින්, හාලිඇල පොලිසිය හා ප්‍රදේශවාසින් විසින් මෙහෙයුමක් ක්‍රියත්මක කළ ද මේ වන තෙක් ඔහුව හමු වී නැහැ.
අතුරුදන් වූ තරුණයා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.










