Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට 20 වනදා පැවැත්වීමට තිබූ සම්මුඛ පරීක්ෂණ කල් යයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි 2026.11.20 දින පැවැත්වීමට සැලසුම් කරන ලද සම්මුඛ පරීක්ෂණ පමණක් නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව එම සම්මුඛ පරීක්ෂණ සඳහා ලබා දී ඇති නව දින වන්නේ.

බස්නාහිර පළාත – 2026.11.29
උතුර පළාත – 2026.11.28
වයඹ පළාත – 2026.11.29
මධ්‍යම පළාත – 2026.12.01
ඌව පළාත – 2026.11.26
දකුණ පළාත – 2026.11.28
නැගෙනහිර පළාත – 2026.11.28
සබරගමුව පළාත – 2026.11.28
උතුර මැද පළාත – 2026.11.26

තවද එම පළාත් හි 2026.11.21 දින සිට ඉදිරියට පැවැත්වීමට සැලසුම් කළ සම්මුඛ පරීක්ෂණ පූර්ව සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම සම්මුඛ පරීක්ෂණ වලට අදාළව කැඳවීම් ලිපිය සමඟ යොමු කළ නිවේදනය අනුව පාසල් සඳහා මානාපය පළ කිරීම සඳහා තොරතුරු ඇතුළත් කිරීමේ මාර්ගගත පද්ධතිය මේ වන විට සකස් කර තිබෙනවා.

එයට 2026.11.19 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ Teacher Recruitment Application System ප්‍රදර්ශනය කරනු ලබනවා.

මේ අතර සම්මුඛ පරීක්ෂණ සඳහා සහභගීවන අයවලුන් සඳහා පෙර දැනුම් දුන් පරිදි 2026.11.19 දිනෙන් මෙම මාර්ග ගත පද්ධතිය අවලංගු නොවන අතර, එය වෙත පිවිසීමට අයදුම්කරුට තමා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන දින රාත්‍රී 8.00 දක්වා අවස්ථාව පවතිනවා.

සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලිපිය සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන දින වන විටත් ලැබී නොමැති නම් මෙම වෙබ් අඩවියෙහි 2026.10.30 දින ප්‍රදර්ශනය කරන ලද නාම ලේඛනයේ ඔබගේ නම ඇතුළත් පිටුවෙහි පිටපතක් සමග තම අනන්‍යතාවය තහවුරු කරන ලේඛන සමග සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පවතින Waiting Room වෙත තමා සම්මුඛ පරීක්ෂණයට කැඳවූ දිනයේ උදෑසනින් පැමිණෙන ලෙසත්, එහිදී මාර්ග ගත පද්ධතිය පිවිසීමට අදාළ අවසර ලබා ගැනීමට උදෑසන 8.00 සිට කටයුතු සලසා තිබෙනවා.

ඒ, අනුව ලබා දෙන ලද උපදෙස් පරිදි මාර්ගගත පද්ධතියට පිවිසෙන අතරතුර, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට හැකියි.

එවැනි අයදුම්කරුවන්ට සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට ද ඉදිරිපත් වූ පසු, සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේපවතින Waiting Room වෙත එදිනම රාත්‍රී 8.00 දක්වා පැමිණ පාසල් මනාප පළ කළ ලේඛන මුද්‍රණය කර භාර දීමටද පහසුකම් සලසා ඇති බවද සඳහන්.