මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගය විනිසුරු මඩුල්ල විසින් අද (19) අවසන් කළා.
නයනා සෙනෙවිරත්න සභාපති විනිසුරුවිරියගෙන් හා ලක්මාලි හේවාවසම් හා නලින් හේවාවසම් විනිසුරුවරුන් හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී නඩුවේ සාක්ෂි විභාගය අවසන් කරන බව සඳහන් කළා.
විත්තිය විසින් කැඳවූ සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් සාක්ෂි විමසීම් සිදුකිරීමෙන් පසු මෙසේ සාක්ෂි විමසීම් අවසන් කළ අතර, මීට පෙර පැමිණිල්ලේ සාක්ෂි විමසීම් සහ විත්තිවාචිකය කැඳවා අවසන් කරනු ලැබුවා.
ඒ, අනුව එම නඩුවේ අවසන් සැලකිරීම් සඳහා නඩුව දෙසැම්බර් 04 වනදා කැඳවීමට නියමිතයි.










