ඇමෙරිකානු අපනයන සීමා මඟහරිමින්, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන අවි පද්ධති සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එන්වීඩියා පරිගණක චිප් ලබාගැනීමට චීන හමුදාව උත්සාහ කරන බව ඇමෙරිකානු කොංග්රස් කොමිසමක් පවසනවා.
එම කොමිසම සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, කෘත්‍රිම බුද්ධිය යුද කටයුතු සඳහා යොදාගැනීමේ චීන සැලසුමට අවශ්‍ය දියුණු අර්ධ සන්නායක ලබාගැනීම සඳහා බීජිං පාලනය ඇමෙරිකානු අපනයන සීමා මඟහැරීමට උත්සාහ කරන බවයි.
චීන මහජන විමුක්ති හමුදාව මෙය හඳුන්වන්නේ “බුද්ධිමත්කරණය කළ යුද්ධය” ලෙසයි. ඒ යටතේ අවි පද්ධති, හමුදා මෙහෙයුම් පාලනය, ඉලක්ක හඳුනාගැනීම සහ සැපයුම් කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමට අපේක්ෂා කෙරෙනවා.
හුවාවේ සහ කැම්බ්රිකන් සමාගම් නිෂ්පාදනය කරන චීන පරිගණක චිප්, එන්වීඩියා සහ ඒඑම්ඩී සමාගම්වල දියුණු නිෂ්පාදනවලට තවමත් වඩා පහළ මට්ටමක පවතින බව ද වාර්තාව සඳහන් කරනවා.
මේ අතර, චීනයේ කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන වෙළෙඳපොළට පිවිසීම ඇමෙරිකානු අපනයන සීමා හේතුවෙන් අහිමි වී ඇති බව එන්වීඩියා සමාගම පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, සීමා පනවා ඇති එහි චිප් භාවිත කරන චීන පරිගණක ව්‍යාපෘතිවල වටිනාකම ඩොලර් බිලියන තුන ඉක්මවන බව රොයිටර්ස් පසුගියදා අනාවරණය කළා.
චීනයට දියුණු චිප් ලබාගැනීම තවදුරටත් සීමා කිරීමට වොෂින්ටනය මේ සතියේ නව පියවර ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.










