ඉන්දියාව ක්වාඩ් සංවිධානය සමඟ ඵලදායී සහ විශ්වාසනීය සහයෝගීතාවක් පවත්වාගෙන යාමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි අවධාරණය කර තිබෙනවා.
පිලිපීනයේ මැනිලා නුවර පැවති ක්වාඩ් රටවල නායකයන්ගේ හමුවෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කළා.
එමෙන්ම, ක්වාඩ් ව්‍යාපාරික නායකයන්ගේ පළමු සමුළුව 2027 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ක්වාඩ් සංවිධානයේ සාමාජික රටවල් වනවා.










