2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලසීමාව අදින් (30) අවසන් වනවා.
ආයතනික ආදායම් බදු, පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවීමට යටත් වන පුද්ගලයින් සහ ව්‍යාපාර මෙම කාලසීමාව තුළ අදාළ බදු ගෙවීම් සිදුකළ යුතුයි.
බදු ගෙවීමට යටත් වන නමුත් මෙතෙක් බදු ගෙවා නොමැති පුද්ගලයින් සහ ව්‍යාපාර අද (30) දිනය තුළ එම ගෙවීම් සිදුකළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එසේ කිරීමට අපොහොසත් වන පාර්ශ්වයන්ට දඩ සහ පොළී ගාස්තු අය කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ ද්වාරය (online tax payment portal) හරහා හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් මගින් මෙම ගෙවීම් සිදු කළ හැකියි.













