හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (07) අල්ලස් කොමිසමට පැමිණ සිටි අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










