කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතාවලියක් (WTC) පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ටොඩ් ග්‍රීන්බර්ග් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතාවලියක් (WTC) ක්‍රියාත්මක වීම ආසන්න වී ඇති බවයි.
2019 වසරේ ආරම්භයේ සිටම, ලෝක ටෙස්ට් ශූරතාවලිය කණ්ඩායම් නවයක සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරි තරග කාලසටහන මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කරමින් සිටින අතර, ඒ අනුව එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.










