ශ්‍රී ලංකා නාවික හමුදාව, අද (24) යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය කංසා කිලෝ ග්‍රෑම් 192කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රි ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකුට අනුව, යාපනය ගුරුනගර් කලපු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි, එම කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කෙරුණා.
එහිදී එම යාත්‍රාව තුල උර හතක, පාර්සල් 88 අසුරා තිබූ විදේශීය කංසා කිලෝ ග්‍රෑම් 192 අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් අතර, ප්‍රදේශයේ සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී එක් සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් විදේශීය කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 38 අධික වෙතැයි විශ්වාස කෙරෙණ අතර, එම විදේශීය කංසා තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කොට්ඨාෂ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.













