ඉහළ කොත්මලේ ජලාශයේ පෝෂක ප්රදේශවලට අද (24) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා
ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බවයි.
ඒ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.













