විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ඇරඹේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, විමලසුරේන්ද්‍ර ජලාශය මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ වෙත ලැබෙන ජල ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම්ද වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විමලසුරේන්ද්‍ර ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු මඟින් ජලය පිටතට ගලා යාම ආරම්භ වී ඇති අතර, ජලාශ පහළ ප්‍රදේශවල ජනතාවට පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දී තිබෙනවා.

අඛණ්ඩව වැසි පවතින්නේ නම් මධ්‍යම කඳුකරයේ අනෙකුත් ජලාශවල ද ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ජලාශ ආශ්‍රිත පහත් බිම්වල සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බව බලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර, අධික ර්වෂාවත් සමඟ කඳුකර මාර්ගවල ගස් කඩා වැටීම් හා පස්කඳු කඩා වැටීම් සිදුවිය හැකි බැවින් රියැදුරන් සහ මාර්ග භාවිත කරන ජනතාවද විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීම් කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55