ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට මේ වන විට ප්‍රතිකාර අරඹා ඇති බව වාර්තා වනවා.
නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්රමුඛ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් කාවන්තිස්ස ඇතා සැරිසරන උස්ගල සියබලාන්ගමුව වැව ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.













