මිනිස් අස්ථි කොටස් දැමූ උරයක් මාවනැල්ල හිඟුල් ඔයෙන් හමුවෙලා

ඕවත්ත පාර හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ තිබී මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් සොයාගෙන තිබෙනවා.

මෙම අස්ථි කොටස් අද (08) දහවල් සොයාගත් බවයි මාවනැල්ල පොලීසිය සඳහන් කළේ.

උරයක බහා තිබිය දී මෙම අස්ථි කොටස් හමුව ඇති අතර, එම අස්ථි කොටස්වල හිස් කබල් දෙකක් ද ඇති බවයි වාර්තා වුණේ.

එම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඔයට ගිය අවස්ථාවාවේ මෙම අස්ථි කොටස් දමා තිබූ උරය හමු වී ඒ පිළිබඳව පොලීසිය වෙත දන්වා තිබෙනවා.

මෙලෙස සොයාගත් අස්ථි කොටස් කෑගල්ල ශීක්ෂණ රෝහලේ වෙත යොමු කිරීමට මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?