නාමල් රාජපක්ෂ අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (23) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කරන ලද නාමල් රාජපක්ෂ අද (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව අද (23) දින යළි කැඳවිමට නියමිතයි.