නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර මහතා මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (23) පෙරවරුවේ ඔවුන් වෙත භාරදෙනු ලැබුවා.

ආනන්දි කනගරත්නම් මෙනෙවිය

WhatsApp Image 2026 09 23 at 10.48.13 AM

පෙරුමාල් සිවකුමාර් මහතා

WhatsApp Image 2026 09 23 at 10.48.13 AM 1

ඤාණේස ලලිත් කන්නන්ගර මහතා

WhatsApp Image 2026 09 23 at 10.48.12 AM