ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහා මෙම නව පනත් කෙටුම්පත සකසා තිබෙනවා.













