තණමල්විල – ඇඹිලිපිටිය මාර්ගයේ මොරකැටිය තුනේ කණුව ප්රදේශයේ දී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (23) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
ඇඹිලිපිටිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ බස් රථයක ඊට පිටුපසින් පැමිණි පොහොර ප්රවාහනය කළ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ධාවනය වෙමින් තිබූ බස් රථය එක්වරම තිරිංග හෙඩිම නිසා ඊට පිටුපසින් පැමිණි ලොරි රථය නතරකර ගැනීමට නොහැකිව බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බස් රථයට සහ ලොරි රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, පුද්ගලයින් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.
ඇඹිලිපිටිය පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













