මිදිගම, ගුරුබැබිල ප්රදේශයේ මුහුදේ පාවෙමින් තිබූ නිසල සිරුරක් සම්බන්ධයෙන් මිදිගම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම සිරුර හඳුනා ගැනීමට නොහැකි වන පරිදි වෙනස්ව ඇති බවයි.
එමෙන්ම එම නිසල සිරුරේ බරපතල තුවාල දක්නට ලැබිය හැකි බවත්, ශරිරය රෙදි පටිවලින් ගැටගසා තිබෙන ආකාරය ද දැකගත හැකි බව පොලිසිය පවසනවා.
මෙය ඝාතනයක් විය ගැකි බවට පොලිසිය සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













