spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැලේසියාවේ විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Dato’ Seri Diraja Dr Zambry Abd Kadir ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

හෙට (08) සිට ලබන 12 දක්වා මෙම නිල සංචාරය සිදු වන බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මෙම සංචාරයේදී මැලේසියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවීමට ද නියමිතයි.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ දකුණු හා මධ්‍යම ආසියාවේ (SCA) උප ලේකම් Dato’ Syed Mohamad Bakri Syed Abdul Rahman, සහ කලාපීය සහයෝගිතා අංශයේ (ORCD) උප ලේකම් අහමඩ් කම්රිසාමිල් මොහොමඩ් රීසා සහ මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ විශේෂ නිලධාරියා ද සහභාගී වනු ඇති.

මෙම සංචාරයේදී මැලේසියානු නියෝජිත පිරිස IORA ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීමට (ඔක්තෝබර් 9-10) සහ 23 වැනි IORA අමාත්‍ය මණ්ඩල රැස්වීමට 11 වනදා කොළඹදී ද සහභාගි වනු ඇති බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?