මැලේසියාවේ විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය Dato’ Seri Diraja Dr Zambry Abd Kadir ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

හෙට (08) සිට ලබන 12 දක්වා මෙම නිල සංචාරය සිදු වන බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මෙම සංචාරයේදී මැලේසියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවීමට ද නියමිතයි.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ දකුණු හා මධ්‍යම ආසියාවේ (SCA) උප ලේකම් Dato’ Syed Mohamad Bakri Syed Abdul Rahman, සහ කලාපීය සහයෝගිතා අංශයේ (ORCD) උප ලේකම් අහමඩ් කම්රිසාමිල් මොහොමඩ් රීසා සහ මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ විශේෂ නිලධාරියා ද සහභාගී වනු ඇති.

මෙම සංචාරයේදී මැලේසියානු නියෝජිත පිරිස IORA ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීමට (ඔක්තෝබර් 9-10) සහ 23 වැනි IORA අමාත්‍ය මණ්ඩල රැස්වීමට 11 වනදා කොළඹදී ද සහභාගි වනු ඇති බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17