මාර්තු 30 වන දින සිට ට්‍රිචි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කරනවා.
ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර, යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම දෛනික සෘජු ගුවන් ගමන් මගීන්ට ගමන් පහසු කිරීම පමණක් නොව, කලාප දෙක අතර ආර්ථික වර්ධනය සහ සංස්කෘතික හුවමාරුව ද පෝෂණය කරනු ඇති බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.
ඉන්ඩිගෝ හි ගෝලීය අලෙවි ප්‍රධානී විනයි මල්හෝත්‍රා සඳහන් කළේ, මෙම මාර්ගය ඔවුන්ගේ චෙන්නායි-යාපනය සේවාවේ සාර්ථකත්වය මත ගොඩනැගෙන බවයි.
ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රාබාද්, මුම්බායි සහ තිරුචිරප්පලි යන නගර පහෙන් ශ්‍රී ලංකාවට සතිපතා ගුවන් ගමන් 60 කට අධික සංඛ්‍යාවක් සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට අසමසම ප්‍රවේශ්‍යතාව, දැරිය හැකි මිල සහ පහසුව ලබාදීමට ඉන්ඩිගෝ ගුවන් සේවය කැපවී සිටින බවයි විනයි මල්හෝත්‍රා වැඩිදුරටත් සඳහන් කළේ.