මාර්තු 30 වනදා සිට ඉන්ඩිගෝ ගුවන් සේවය යාපනයට

මාර්තු 30 වන දින සිට ට්‍රිචි සහ යාපනය අතර දිනපතා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කරනවා.

ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර, යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම දෛනික සෘජු ගුවන් ගමන් මගීන්ට ගමන් පහසු කිරීම පමණක් නොව, කලාප දෙක අතර ආර්ථික වර්ධනය සහ සංස්කෘතික හුවමාරුව ද පෝෂණය කරනු ඇති බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

ඉන්ඩිගෝ හි ගෝලීය අලෙවි ප්‍රධානී විනයි මල්හෝත්‍රා සඳහන් කළේ, මෙම මාර්ගය ඔවුන්ගේ චෙන්නායි-යාපනය සේවාවේ සාර්ථකත්වය මත ගොඩනැගෙන බවයි.

ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, හයිද්‍රාබාද්, මුම්බායි සහ තිරුචිරප්පලි යන නගර පහෙන් ශ්‍රී ලංකාවට සතිපතා ගුවන් ගමන් 60 කට අධික සංඛ්‍යාවක් සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට අසමසම ප්‍රවේශ්‍යතාව, දැරිය හැකි මිල සහ පහසුව ලබාදීමට ඉන්ඩිගෝ ගුවන් සේවය කැපවී සිටින බවයි විනයි මල්හෝත්‍රා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48