මහ දවාලේ කරන්න ගිය රත්‍රන් කොල්ලය වරදී

ගල්ගමුව නගරයේ ස්වර්ණාභරන අලෙවිසැලක් කොල්ලකෑමේ උත්සාහයක් ව්‍යර්ත වී තිබෙනවා.

අද දහවල් 12ට පමණ ස්වර්ණාභරණ අලෙවිසැලට ඇතුලු වූ අයෙකු එහි සිටි පිරිසට ගිනි අවියක් සහ පිහියක් පෙන්වා රන් ආභරණ කොල්ලකෑමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ එහි සිටි කාන්තාව කළ කෑ ගැසීම හේතුවෙන් ඇය ගෙළ බැඳි රන් මාලය කඩා ගැනීමට පැමිණි පුද්ගලයා උත්සාහ කර තිබෙනවා.

එය ද ව්‍යර්ථ වීම හේතුවෙන් කොල්ලකරු ස්වර්ණාභරණ අලෙවි සැලේ පිටුපස දොරින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කලු පැහැති ජැකට් එකක් හැඳ සිටි සැකකරුගේ උරහිසේ බෑගයක් ද තිබූ බව ස්වර්ණාභරණ අලෙවිසැලේ සිටි පිරිස ප්‍රකාශකර තිබෙනවා.

පිටුපස දොරින් පළාගිය පුද්ගලයා නිවෙස් අතරින් ගල්ගමුව නගරයේ කෝවිල දෙසට දිවගිය බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.

අනතුරුව පොලිසිය කළ සොයා බැලීමේදී සැකකරු පැළඳ සිටි ජැකට් එක සහ රැගෙන ආ බෑගය කෝවිල අසල දමාගොස් තිබියදී සොයා ගැනුණා.

එම බෑගය තුළ තිබූ බස් රථ ප්‍රවේශ පත්‍ර ඇතුලු කරුණු ඔස්සේ කොල්ලකෑමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගැනීමටයි ගල්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51