මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නැමැති සිරකරුගේ බිරිඳවන මෙහෙනුවර ගෙදර ලසන්ති නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහේස්ත්‍රාත්වරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ 2020 වසරේ නොවැම්බර් මස 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ, පිළිබඳව පැවති මරණ පරීක්ෂණය අවසානයේ දී මෙම මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන් කර ගොනු වසා දමන ලෙස දැනුම් දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ගැටුම් පාලනය කර ගැනීම සඳහා අවම බලයක් ක්‍රියාවේ යෙදවූ බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළත් මියගිය පුද්ගලයින්ට වෙඩි වැදී සිදුවී තිබෙන තුවාල දෙස බැලීමේදී එම නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මානුෂික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවක් පෙනී නොයන බව මහේස්ත්‍රාත්වරයා සිය පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලගු නොවන නඩු විභාගය අවසන් වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේදී ලගු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ, අනුව මහර බන්ධනාගාර ගැටුම් වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බල කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් අයැද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතික ජන බලවේගයේ මැයි දින රැළිවලට රට පුරා පිරිස් සැරසෙන අයුරු
01:23
Video thumbnail
බලපත්‍ර කොන්දේසි කැඩු වැලි ලොරි 18ක් පොලිස් බාරයට..පැටවිය හැකි වැලි ප්‍රමාණයට වඩා වැලි පටවලා
03:23
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුරෙන් කුඩා දරුවෙකු හා කතක් රෝහලේ
00:49
Video thumbnail
"අපි ශම්මිව පැන්නුවා"ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පිරිසක් ජාතික කොඩි උස්සන් ඇවිත් ගත්ත Fun එක
05:31
Video thumbnail
කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - රුසියාවෙන් දුන්න සහන ගන්නේ නැත්තේ ඇයි ?මොකටද බය ?
06:28
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04