මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නැමැති සිරකරුගේ බිරිඳවන මෙහෙනුවර ගෙදර ලසන්ති නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහේස්ත්‍රාත්වරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ 2020 වසරේ නොවැම්බර් මස 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ, පිළිබඳව පැවති මරණ පරීක්ෂණය අවසානයේ දී මෙම මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන් කර ගොනු වසා දමන ලෙස දැනුම් දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිරකරු ගැටුම් පාලනය කර ගැනීම සඳහා අවම බලයක් ක්‍රියාවේ යෙදවූ බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළත් මියගිය පුද්ගලයින්ට වෙඩි වැදී සිදුවී තිබෙන තුවාල දෙස බැලීමේදී එම නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මානුෂික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවක් පෙනී නොයන බව මහේස්ත්‍රාත්වරයා සිය පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලගු නොවන නඩු විභාගය අවසන් වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේදී ලගු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ, අනුව මහර බන්ධනාගාර ගැටුම් වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාළ නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බල කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් අයැද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53