මල්වතු සහ අස්ගිරි ස්වාමීන්වහන්සේලා සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාළ නිකාය විනයට ද අවනත වන පරිදි සිදුකිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බව ජනපතිවරයා මෙහිදී පවසා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනාධිපතිවරයා පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14