මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කිරීමෙන් පසු ජනතාවට විවෘත කෙරේ

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) පෙරවරුවේ සිදු වුණා.

දුම්රිය මඟී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරානිකත්වයට හානියක් නොවන පරිදි තෝරාගත් කොටස් කිහිපයක් පමණක් මෙලෙස නවීකරණය කර තිබෙන අතර ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියාව, වේදිකා අංක 05 සහ 06 හි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, සහ පරිසර අලංකරණ කටයුතු මේ යටතේ සිදු කර තිබෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 35ක් වැය කර තිබෙන අතර අක්බාර් සමාගම ඊට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නික්ය්ත් කළ වාර්තාවේ සඳහන් වන්නේ.

මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ NIO engineering ආයතනයේ උපදේශන සේවාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානයයි.

දේශීය හා විදේශීය මගී ජනතාව දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ පසුගිය කාලය තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයක් සිදුකර තිබෙන බවයි.

මෙම පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේද ප්‍රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතු බවත්, පොදු දේපළවලට සිදුකරන නාස්තියට හා හානියට එරෙහිව සමාජය පෙළගැසිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ඊට සිදුකර තිබූ හානියට දැඩි සමාජ විරෝධයක් පැමිණි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය රජයට විශාල සමාජ ශක්තියක් වු බවත්, එබැවින් මෙම මහජන දේපළ සහ පෞරාණික උරුම සුරක්ෂිත කිරීම පුරවැසි වගකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය, අක්බාර් බ්‍රදර්ස් සමාගමේ උප සභාපති අස්ගි අක්බාර් අලි, අධ්‍යක්ෂ හුසෙයිෆා අක්බාර් අලි, අධ්‍යක්ෂ හතීම් අක්බාර් අලි, කළමණාකාර අධ්‍යක්ෂ රජීව් ද අල්විස්, මෙහෙයුම් කළමණාකරු තුෂාර ලක්ෂ්මන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02