මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට : ජනාධිපති වුනේ මාධ්‍ය සංදර්ශන දාලා නොවෙයි – ජනපති කියයි

කුමන විවේචන එල්ල වුවත් තමා කටයුතු කරන්නේ තමාගේ ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ගම සමග පිළිසඳරක් 09 වන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපති වුයේ මාධ්‍ය සංදර්ශන පවත්වා නොවන බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නැහැ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා.

මම නගර සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා විදිහට කටයුතු කරන කොට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නගර අලංකරණය සම්බන්ධයෙන් මම වැඩකලා. අද නිදහස් චතුරශ්‍රය තියෙන විදිහ එදා එතන තිබුණු විදිහ ගැන කාටවත් මතක් නැහැ. අද උද්‍යාන හදලා, ඇවිදින මංතීරු හදලා මම ඒ ස්ථාන සංවර්ධනය කළා. ඒ පාරේ වවලා තිබුණේ විදේශ රටකින් ගෙනාපු ගස්. මම ඒවා අයින් කරා. ඒ ස්ථානවල මම නාගස් වවන්න උපදෙස් දුන්නා. අද බලන්න ඒ ගස් කොහොමද තියෙන්නේ කියලා. ගස් කැපුවා කියලත් මාව විවේචනය කළා. කාට වුනත් විවේචන කරන්න පුළුවන්. ‘

මම අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් විදිහට ඉදලවත් නෙමෙයි ජනාධිපතිවරයා ලෙස පත්වුණේ. ගොඩක් අය අහනවා මගෙන් ඇයි ගමට යන්නේ, නිලධාරීන් ලවා ගමේ තියෙන ප්‍රශ්න ගැන දැනගන්න පුළුවන් නේද කියලා. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40