ලංගම බසයක් දියතලාවේ දී බෑවුමකට පෙරළෙයි – 40ක් රෝහලේ

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව ප්‍රදේශයේ දී බෑවුමකට පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

දියතලාව – හපුතලේ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී අද (27) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවූ එක් තුවල්කරුවෙක් බදුල්ල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56