කෝඩුකාර කේප් වර්ඩ් කණ්ඩායමෙන් ලෝක කුසලාන පාපන්දු පිටියේ තවත් සුපිරි පෙරළියක්

ලෝක කුසලානයේ පිළිමළුන් පිටුදැකීමේ අදියරට ළඟා වූ කුඩාම රාජ්‍ය බවට පත්වීමෙන් මෙවර පාපන්දු ලෝක කුසලානයට එක්වන කේප් වර්ඩ් කණ්ඩායම ඉතිහාසයට එක වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ ඔවුන් සහභාගී වූ තුන්වන සහ අවසන් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.

සෞදි අරාබිය සමඟ අද (27) පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත් කේප් වර්ඩ් කණ්ඩායම, ස්පාඤ්ඤය සහ උරුගුවේ අතර තරගයෙන් ස්පාඤ්ඤයට ජය හිමිවමත් සමඟ ‘H’ කාණ්ඩයෙන් පිළිමළුන් පිටුදැකීමේ අදියරට එක්වූ දෙවන කණ්ඩායම බවට පත්වන්නට කේප් වර්ඩ් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ කෝඩුකරියින්වන කේප් වර්ඩ් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ සභාගී වූ පළමු තරගය ප්‍රබල ස්පාඤ්ඤයට එරෙහිව තරගය සම තත්ත්වයෙන් අවසන් කළා.

අනතුරුව ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ උරුගුවේ කණ්ඩායම එරෙහිව ගෝල දෙකට දෙකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කරමින් තවත් පෙරළියක් සිදු කිරීමට සමත් වුණා.

ඒ, අනුව 525,000ක ජනගහනයක් පමණක් සිටින කේප් වර්ඩ් දූපත් සමූහයට ඉතිහාසයේ පළමුවරට පාපන්දු ලෝක කුසලානයක අවසන් 32 දෙදෙනා අතර පිවිසීම මෙලෙස හැකියාව ලැබුණු අතර, එළඹෙන ජූලි 03 වනදා මියාමි හිදී ලයනල් මෙසීගේ ආර්ජන්ටිනාව සමඟ ඔවුන්ගේ පාපන්දු ලෝක කුසලානයේ තවත් පරිච්ඡේදයකට මුහුණදීමට සූදානමින් සිටිනවා.

  1. ඩියාගෝ මැරඩෝනා හැරුණුවිට ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සහ මා වඩාත්ම ප්‍රිය කරණ නිහතමානී පාපන්දු ක්‍රීඩකයා ලියොනාල් මෙසී. මෙසී, ඔබට සුබ අනාගතයක්!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14