මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට : ජනාධිපති වුනේ මාධ්‍ය සංදර්ශන දාලා නොවෙයි – ජනපති කියයි

කුමන විවේචන එල්ල වුවත් තමා කටයුතු කරන්නේ තමාගේ ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ගම සමග පිළිසඳරක් 09 වන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපති වුයේ මාධ්‍ය සංදර්ශන පවත්වා නොවන බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නැහැ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා.

මම නගර සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා විදිහට කටයුතු කරන කොට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නගර අලංකරණය සම්බන්ධයෙන් මම වැඩකලා. අද නිදහස් චතුරශ්‍රය තියෙන විදිහ එදා එතන තිබුණු විදිහ ගැන කාටවත් මතක් නැහැ. අද උද්‍යාන හදලා, ඇවිදින මංතීරු හදලා මම ඒ ස්ථාන සංවර්ධනය කළා. ඒ පාරේ වවලා තිබුණේ විදේශ රටකින් ගෙනාපු ගස්. මම ඒවා අයින් කරා. ඒ ස්ථානවල මම නාගස් වවන්න උපදෙස් දුන්නා. අද බලන්න ඒ ගස් කොහොමද තියෙන්නේ කියලා. ගස් කැපුවා කියලත් මාව විවේචනය කළා. කාට වුනත් විවේචන කරන්න පුළුවන්. ‘

මම අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් විදිහට ඉදලවත් නෙමෙයි ජනාධිපතිවරයා ලෙස පත්වුණේ. ගොඩක් අය අහනවා මගෙන් ඇයි ගමට යන්නේ, නිලධාරීන් ලවා ගමේ තියෙන ප්‍රශ්න ගැන දැනගන්න පුළුවන් නේද කියලා. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

  1. ඉස්සෙල්ලා කලයුතු දේවල සැලසුම් හදලා ඒවා ක්‍රියාත්මක කරන්න ඒ ඒ අන්ශයන්ට වගකීම් පවරන්න.ඊට පස්සේ ඒවා වෙනවාද කියලා ඕනෙනම් ගිහිල්ලා පරික්ශා කරන්න. ඔය හමුවෙන බොහෝ ප්‍රශ්න රට පුරාම තියෙන පොදු ප්‍රශ්න. ඉතින් ඔහොම ගමින් ගමට ගිහිල්ලා රටේ ප්‍රශ්න ඉවර කරන්න පුලුවන්ද ? ක්‍රීඩා පිටි , වගා ගැටලු, ගුරු හිගය වගේ ප්‍රශ්න විසදන්න ඔනේ තරම් පින් පඩි ගන්න උන් ඉන්නවා. උන්ට ඔය ප්‍රශ්න විසදන්න බැරි හේතුන්වලට මුලින් පිලියම් කරන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33